ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලකයන් සිය අයිතිවාසිකම් නසා දැමීමට එරෙහිව ගෙවුණු මාර්තු 8 කාන්තා දිනය දා ඇෆ්ගන් කාන්තාවන් විසින් විරෝධතා දියත් කර තිබෙනවා.
ඇෆ්ගන් පාලනය අතිශය දරදඬු මූලධර්මවාදී නීති කාන්තාවන්ට එරෙහිව පනවනු ලැබුවා. කාන්තාවන් රැකියාවලින් අස් කර දමා තිබෙනවා. රූපලාවන්‍යාගාර වසා විනාශ කර දැමුණා. ඇෆ්ගන් කාන්තාවකට මහ මගට යා හැකි වන්නේද ආරක්ෂාව සහිතව බවයි වාර්තා වන්නේ.
කොතරම් ආයුද සන්නද්ධ බලපෑම් මධ්‍යයේ වුවද හැකි සියලුම ආකාරයෙන් මෙම ගෝත්‍රික නීතිවලට එරෙහිව විරෝධතා දැක්වීමට ඇෆ්ගන් කතුන් සමත් වූ බව අල්-ජසීරා වාර්තා කර තිබුණා. ඔවුන් කුඩා කණ්ඩායම් වශයෙන් එක් වී, තමන්ගේ නිදහසට පනවා ඇති දැඩි සීමා ඉවත් කරන ලෙස කියා සිටියා. උතුරු ටකාර් පළාතේ කාන්තාවන් සත් දෙනෙක් මුහුණු ආවරණ සහිතව අයිතිවාසිකම්, යුක්තිය, නිදහස යනුවෙන් සඳහන් වූ පුවරු රැගෙන සිටියා. ඒ අතර ඍජුව ඇෆ්ගන් තලේබාන් විරෝධී සටන් පුවරුද දක්නට ලැබුණු බව වාර්තා වෙනවා.