රනිල් රට භාරගත් පසු ඩොලර් බිලියන 12.4ක් රටට එවලා

විදේශ ගත ශ්‍රමිකයින් පසුගිය අගෝස්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 577.5 ක් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මෙරටට එවා ඇතැයි වාර්තා වෙනවා.

පසුගිය වසරේ අගෝස්තු මාසය සමග සන්සන්දනය කරන විට මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට එවා ඇති ප්‍රේශණ ප්‍රමාණය සියයට 11 කින් ඉහළ ගොස් තිබෙන බවයි සඳහන් වන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට භාරගෙන, විදේශ රැකියා ක්ෂේත්‍රය, මනුෂ නානායක්කාරට ලබාදුන් දිනයේ සිට විදේශ ගත ශ්‍රමිකයින් එවා ඇති මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 13.016 ක් ලෙස සටහන් වෙනවා.

මේ වසර තුළදී පමණක් විදේශගත ශ්‍රමිකයින් ඩොලර් මිලියන 4288 ක මුදලක් මෙරටට එවා ඇතැයි සඳහන්.

තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, කිරි පිටි පෝලිම් නැති කර රටට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සදහා මාසයකට ඩොලර් මිලියන 500ක් නීත්‍යානුකූල ක්‍රමය ඔස්සේ රටට ලබාදෙන ලෙසට ඉල්ලීම් කළ අතර එයට විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් යහපත් ප්‍රතිච්ර හිමිව තිබුණි. පසුගිය වසරේ මාර්තු මාසයේ සිට විදේශ ගත ශ්‍රමිකයින් එවනු ලබන ප්‍රේශණ ප්‍රමාණය ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවූ අතර පසුගිය මාස හතක කාලය පුරා අඛණ්ඩව ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවා යාමට හැකියාව ලැබී තිබෙනවා.

නීත්‍යානුකූල ක්‍රමය ඔස්සේ රටට මුදල් එවන ශ්‍රමිකයින් සදහා ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීම, අඩු පොලීයට බහු කාර්ය ණය ලබාදීම, නිවාස ණය යෝජාන ක්‍රම ඇතුළු විවිධ දිරිගැන්වීම් ලබාදීමටද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය කටයුතු කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles