කුරුණෑගල ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිකාරී හිමිනමක් දායකයකු විසින් විහාරස්ථානයට පරිත්‍යාග කර තිබූ වටිනා රෙදි සෝදන යන්ත්‍රයක් විකුණා මත්ද්‍රව්‍ය පානය කර ඇති බව අනාවරණය වී තිබෙනවා.
යුක්තිය මෙහෙයුම යටතේ මීට සති දෙකකට පමණ ඉහත දී කුරුණෑගල වැවගෙදර ප්‍රදේශයේ සිටි සැකකාර හිමිනම අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
විදෙස් රටක වෙසෙන විහාරස්ථානයේ දායකයකු එම හිමිනමගේ ඉල්ලීමකට අනුව රුපියල් ලක්ෂ එක හමාරක් පමණ වටිනා නවීනතම ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රයක් විහාරස්ථානයට පරිත්‍යාග කර ඇති බවත් එය විකුණා දමා අයිස් මත්ද්‍රව්‍ය මිලට ගෙන ඇති බවත් සඳහන් වෙනවා.