මහින්ද සුළඟට පසු නුගේගොඩින් අලුත් සුළඟක්

සර්ව ජන බලය නව දේශපාලන සන්ධානයේ මංගල ජන රැලිය මෙම 18 වෙනිදා නුගේගොඩ දී පවත්වන බව එම සන්ධානය පවසනවා.

69 ලක්ෂයෙන් කෙනෙක් නම් 18 වෙනිදා නුගේගොඩට පැමිණෙන ලෙස මෙරට ජාතිකවාදී දේශප්‍රේමී ජනතාවගෙන් ඉල්ලා සිටින බව එම සන්ධානයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන කියා සිටිනවා.

පසුගිය ජනාධිපතිවරණයේදී ලක්ෂ 69 ක ජනතාවගේ පිහිටෙන් පාර්ලිමේන්තුවට පැමිණි ඇතැම් අය බලය ලබා ගැනීමට බලය ඇති තැන් සමඟ එකතු වුවද ජාතික කඳවුර සහ ජාතික බලවේග නොනැසී පවතින බවයි ඔහු සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාවටත් රටේ ආරක්ෂක හමුදාවන්ටත් එල්ලවූ යුද අපරාධ චෝදනාවලට එරෙහිව නැගී සිටිමින් රටේ ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීමට පෙළ ගැසුණු 69 ලක්ෂයක් ජනතාවගේ අභිලාශය මුදුන් පමුණුවාලීම සඳහා අඛණ්ඩව පෙනී සිටින බවත් ඒ සඳහා මේ වන විට රටේ පවතින එකම දේශපාලන බලවේගය සර්වජන බලය දේශපාලන එකමුතුව බවත් මන්ත්‍රීවරයා පවසනවා.

2020 දී ජනතාව ලබා දුන් ජනවරමින් පාර්ලිමේන්තුවට පැමිණි මහජන නියෝජිතයින් විසින් රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ඉදිරියේ ජාතික අභිලාශ පාවාදෙමින් සිටින බවටයි එම සන්ධානය චෝදනා කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles