ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඩොලරය වෙනුවට ඉන්දියානු රුපියල් ලංකාව තුළ භාවිතා කිරීමට සකච්ඡා වී තිබෙනවා.
එසේම තවත් අවබෝධතා ගිවිසුම් කිපයක් අත්සන් කළ බව ද සඳහන් වෙනවා. ඉන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි හමු වුණා.
එහි දී අදානි සමඟ කොළඹ වරාය බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම, මෙගා වොට් 500 ක් ධාරිතාවයෙන් යුත් සුළං විදුලිබල ව්‍යාපෘතිය සහ හරිත හයිඩ්‍රජන් වායුව නිපදවීම සඳහා බලශක්ති විශේෂඥ දැනුම සැපයීම ඇතුළු ව්‍යාපෘති රැසක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒසේම ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් දිල්ලි නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වුණා.
තව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එරටට ගිය මොහොතේම ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් අතර සුවිශේෂී සාකච්ඡාවක් සිදුව තිබෙනවා.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සපිරීම නිමිත්තෙන් ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය සමඟද මෙම සංචාරයේදී සාකච්ඡා කිරීමට නියමිතයි.
ජනපතිගේ ඉන්දීය සංචාරයෙන් පසු මෙරට විවිධ ක්ෂේත්‍රවල වෙනස්කම් රැසක් සිදුවන බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.