ඇහැළියගොඩ, ගැටහැත්ත, උඩුවක ප්රදේශයේ විශාල කන්දක් නායයෑම හේතුවෙන් නිවාස 8ක් සම්පූර්ණයෙන්ම යට වී තිබෙනවා.
අද (27) දහවල් 1ට පමණ මෙම නායයෑම සිදුව ඇති අතර නායයෑමේ ලක්ෂණ අද උදෑසන සිටම දක්නට ලැබීම හේතුවෙන් ඒ අවට වූ පවුල්වල පිරිස් එම ස්ථානයෙන් ඉවත් වීමට කටයුතු කර තිබුණා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ ඊයේ (26) සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙම නායයෑම සිදුව ඇති බවයි.
නායයෑමට ලක්වූ ස්ථානයට පහළින් ගලාබසින ගැටහැති ඔය මුලුමනින්ම හරස්වී ඇති බැවින් ඇළ ඉහළ කොටසට ගංවතුර අවදානමක් ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ වනවිට නායයෑම සක්රීය වූ ස්ථානයේ පවුල් 48ක පුද්ගලයන් 158 දෙනෙකු ඉවත්කර උඩුවක සිද්ධාර්ථ විදුහලේ රඳවා සිටිනවා.
කෙසේ වෙතත් අදාළ ප්රදේශයේ නායයැම් සිදුවිය හැකි බව මීට පෙර නිවෙස් හිමියන් දැනුවත් කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වාර්තා කරන්නේ.