ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානයකගේ නිල වෙබ් අඩවිය වන akd.lk අද දින (27) විවෘත කෙරුණා.
මෙය මෙරට ජනපති අපේක්ෂකයෙකු සිය ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙන යෑම සඳහා AI තාක්ෂණය පළමු වරට යොදාගත් අවස්ථාව වෙනවා.
පරිශීලකයන්ට භාෂා ත්‍රිත්වයෙන් මෙහි සිය ගැටලු ඉදිරිපත් කළ හැකි වීම විශේෂත්වයක් බව සඳහන්.
එසේම ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති මධ්‍යස්ථානය ප්‍රතිපත්ති සම්පාදනය සඳහා පුරවැසියන්ට බහුවිධ ප්‍රවේශයක් ලබා දීම සහ මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍රය මැතිවරණ ක්‍රියාවලියේ සිදුවන අක්‍රමිකතා පුරවැසි අදහස් සහ පැමිණිලිවලට විවෘත බවයි දැක්වෙන්නේ.
අයිඩෙන්ටී ගන්න කවද ද දන්නෑ එන්නෙ?