මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට ඊයේ (17) සවස් කාලයේ සිට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරය හරහා ගලා යන ප්‍රධාන ඔය සහ දුනුවිල මාර්ගයෙන් ගලා යන වහගල ඔය පිටාර ගැලීම නිසා අකුරණ නගරයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටව තිබෙනවා.
නගරය ජලයෙන් යට වීම නිසා ඒ 09 මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නැවතී තිබුණා.
එමෙන්ම ගංවතුර පවතිද්දීත් ධාවනය කිරීමට උත්සාහ කළ බස් රථයක් සහ ලොරි රථයක් ගංවතුරට හසුව සිර වී තිබූ අතර බස් රථයේ සිටි පිරිස් ආරක්ෂිතව බේරා ගෙන ඇති බවද වාර්තා වෙනවා.
අකුරණ නගරය ආසන්නයේ පිහිටි නිවාස කිහිපයක්ද ජලයෙන් යටව ඇති අතර නිවෙස්වල තිබූ භාණ්ඩ සියල්ල ජලයෙන් විනාශ වී තිබුණා.
මාසයක් වැනි කාලයක දී අකුරණ නගරය ජලයෙන් යටව ඇති පස් වන අවස්ථාව මෙය බවයි වාර්තා වෙන්නේ.