පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කරමින්, ගුවන්තොටුපළ ප්‍රභූ පර්යන්තයෙන් කෝටි ගණනක් වටිනා රත්තරන් තොගයක් සහ ජංගම දුරකතන නීතිවිරෝධීව ගෙනා මුස්ලිම් ජාතික කොන්ග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් තවමත් පාර්ලිමේන්තු ආචාරධර්ම සහ වරප්‍රසාද කමිටුවේ සාමාජිකත්වය දරන බව හෙළි වී තිබෙනවා.
ඉහත චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනුණු මන්ත්‍රීවරයා දඩ මුදල් අයකර ගෙන නිදහස් කෙරුණු අතර පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පාර්ශ්ව කිහිපයක්ම ඔහු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස කතානායකවරයා දැනුම්වත් කළ ද කිසිවක් සිදු වී නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මාධ්‍ය හමුවකදී කියා සිටියා.
මෙහි ඇති විසුළුසහගතම කාරණය වන්නේ මෙතරම් බරපතළ චෝදනාවකට වරදකරුවකු වූ අයෙක් (දඩ මුදල් ගෙවා නිදහස් වූ) පාර්ලිමේන්තු ආචාර්ධර්ම කමිටුවේ සාමාජික්තවය දැරීම යි. කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂය සහ කතානායකවරයා මේ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් දක්වන සහනශීලී පිළිවෙත විවිධ පාර්ශ්වවල දැඩි විවේචනයට ලක් වෙමින් තිබෙනවා.