රයිසිට අවසන් ගෞරව දැක්වීමට අලිසබ්‍රි ඉරානයට

ඉරාන ජනාධිපතිවරයාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගීවීම සඳහා විදේශ අමාත්‍ය අලි සබ්රි අද (21) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

අසර්බයිජානය සහස ඉරානය අතර දේශසීමා ආසන්නයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අවමංගල්‍ය උත්සවය මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය වෙනුවෙන් මෙරට දේශපාලනඥයින් ඇතුළු පිරිස් මෙරට ඉරාන තානාපති කාර්යාලයේදී සිය ශෝකය පළකර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles