සබරගමුවේ සියලු පාසල්වලට හෙට (ජුනි 03) නිවාඩු!

පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් පළාත් බලධාරීන් වෙත බලය ලබා දී තිබෙන අතර සබරගමුව පළාතේ සියලු පාසල් වෙත හෙට දිනයේ නිවාඩු ලබා දෙන බව සබරගමු පළාත් ලේකම් මහින්ද එස්. වීරසූරිය lankaline වෙත පවසා සිටියා.

පවතින දැඩි වර්ෂාව සහ ආශ්‍රිත කාලගුණ තත්වය නිසා සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මෙම තීරණය ගනු ලැබූ බවයි ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේ.

පවතින අයහපත් කාලගුණය සම්බන්ධයෙන් සබරගමු පළාතේ ස්ථාන කිහිපයකටම අනතුරු ඇඟවීම් කර ඇති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවෙන ලෙසද පළාත් ලේකම් මහින්ද එස්. වීරසූරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles