සියලුම වාහන ආනයනය යළිත් අත්හිටුවයි

ආනයනට අවසර ලබා දී තිබුණු පොදු ප්‍රවාහන සේවා සඳහා වන වාහන ආනයනය නැවත වරක් අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.

ඒ එම වාහන ආනයනයට ලබාදුන් මාසයක කාලය අවසන් වීම හේතුවෙනුයි.

කෙසේ වුවද අවසර ලබාදී තිබු මාසය තුළ ආනයනය කරන ලද වාහන නිදහස් කරගැනීමට අවස්ථාව ලබා දෙන බව‍ මුදල් රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු කිසිදු වාහනයක් ආනයනය කිරීමට හැකියාවක් නොමැති බවයි වාර්තාවන්නේ.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය විසින් වාහන ආනයන සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීමට විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ වාහන වල අවශ්‍යතාවය, මාර්ගවල ඉඩ පහසුකම්, ඉන්ධන සඳහා යන වියදම හා වාහන ආනයනයට යන විදේශ විනිමය යන කරුණු පිළිබඳව විශ්ලේෂණයක් සිදු කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles