අල්ටෙයාර් ඛේදවාචකය : සිසුන්ගේ දුරකතන වාර්තා පරීක්ෂා කිරීමට අධිකරණ නියෝගයක්

කොම්පඤ්ඤවීදියේ අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවාගේ සහ සිසුවියගේ ජංගම දුරකතනවල ඇතුළත් කර තිබූ සිම් කාඩ්පත්වලට අදාළ දුරකතන ඇමැතුම් දත්ත වාර්තා කොම්පඤ්ඤවීදිය පොලිසියට ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර අදාළ දුරකතන සේවා සපයන සමාගම්වලට නියෝග කර තිබෙනවා.

විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා මියගිය එම සිසුවාගේ සහ සිසුවියගේ ජංගම දුරකතන දත්ත වාර්තා ලබා ගැනීමට අවශ්‍ය බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළ ඉල්ලීමකට අවසර ලබා දෙමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ජංගම දුරකතන දත්ත වාර්තා ලබා ගැනීමට අවසර ඉල්ලමින් කොම්පඤ්ඤවීදිය පොලිසියේ පැමිණිල්ල මෙහෙයවූ නිලධාරියා කියා සිටියේ මියගිය සිසුවා සහ සිසුවිය අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ සිටි ඔවුන්ගේ පාකිස්ථාන ජාතික මිත්‍රයකු මුණ ගැසීමට ගොස් ඇති බවයි.

එම පාකිස්තාන සිසුවාගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය ඔහුගේ නිවසට ගියත් එම සිසුවාගේ පියා පාකිස්ථාන මහා කොමසාරිස් කාර්යාලයේ ඉහළ නිලධාරියකු වූ නිසා එයට අවස්ථාවක් නොලැබුණු බවද කොම්පඤ්ඤවීදිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත දන්වා සිටියා.

එහිදී අදාළ පුද්ගලයාට තානාපති වරප්‍රසාද තිබේදැයි සොයා බලා තිබේ නම් අදාළ පනත අනුව කටයුතු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර දැනුම් දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles