වෙනස් වුණ යුක්තිය මෙහෙයුම් අරඹයි

අද (04) සිට යුක්තිය මෙහෙයුම නව මුහුණුවරකින් ආරම්භ කරන බව පොලීසිය පවසනවා.

මෙම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ ද සහාය ලබාගැනීමට අපේක්ෂා කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළේ.

අද දිනයේ කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක මෙම වැඩසටහන ආරම්භ කෙරුණු අතර ඉදිරියේ දී මුළු දිවයිනම ආවරණය වන පරිදි එය ක්‍රියාත්මක කෙරෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles