පිටි මිල අඩු වුණාට කෑම මිල අඩු වෙන්නේ නැහැ

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු නොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

ඒ් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් අඩු කර ඇති බව ප්‍රධාන තිරිඟු පිටි නිෂ්පාදකයින් වන සෙරන්ඩිබ් සහ ප්‍රීමා සමාගම් නිවේදනය කිරීමත් සමඟයි.

තිරිඟු පිටි මිල අඩු වුණ ද බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට එම අඩු වු මුදල ප්‍රමාණවත් නොවන බවයි බේකරි හිමියන් පවසන්නේ.

කේසේ වුවද ජනතාව මේ පිළිබඳව පවසන්නේ පිටි මිල රුපියල් 10කින් වැඩි වුණේ නම් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉක්මනින් වැඩි වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles