දරුවන් ඝාතනයට ඇමෙරිකා උපකාර

තමන්ට ටොන් 10000ක හමුදා උපකරණ තොගයක් ඇමෙරිකාවෙන් ලැබුණු බව ඊශ්‍රායෙලය පවසා තිබෙනවා. පසුගිය ඔක්තෝම්බර් එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසුව අදියර කීපයක් යටතේ මෙම හමුදා උපකරණ ලැබුණු බවයි ඔවුන් පවසන්නේ.

ඇමරිකන් ගුවන් යානා ගමන් වාර 200කදී මෙම උපකරණ ගෙනැවිත් දී තිබෙනවා.

කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය ගාසාවට එල්ල වන ප්‍රහාර හැඳින්වූයේ උමතු ප්‍රහාර නමින්. මේ වන විට ගාසාවේ ඝාතනය වී ඇති දරුවන්ගේ සංඛ්‍යාව පමණක් 7000 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ එල්ල වන ප්‍රහාර තවදුරටත් ඉවසිය නොහැකි බව ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රධානී මේජර් ජනරාල් හොසේන් සලාමී පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles