සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්වස්ථා දත්ත පද්ධතියට අනුව රට තුළ ප්‍රමාණවත් තරම් මෙරපනම් Merapanum නම් කාණ්ඩයේ ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ පවතින බවට හෙළි වෙද්දි නිරන්තරයෙන් ම එම ඖෂධය හදිසි මිලදී ගැනීම් ලෙස ලබා ගැනීම නිසා වරකට කෝටි අටකට අධික අලාභයක් රටට සිදුවිය බැවින් ඒ සම්බන්ධව විමර්ශනයක් සිදුකරන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ සංජීව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලැබුවා.
ඉතා ප්‍රබල ප්‍රතිජීවක ඖෂධයක් වන මෙම ඖෂධය බොහෝ විට භාවිතා කරනු ලබන්නේ විශේෂ අවස්ථාවන්වලදී පමණක් බවත් දිවයිනේ ප්‍රධාන පෙළේ ජාතික රෝහල් හා ශික්ෂණ රෝහල් ද ප්‍රධාන මූලික රෝහල් තුළදී පමණක් මෙම ඖෂධ ලබාදීම සිදු කරන අතර බොහෝ විට පර්යන්ත සහ ප්‍රාදේශීය රෝහල්වලදී ප්‍රතිජීවක ඖෂධයක් ලෙස භාවිතා නොකරන බවයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරන්නේ.
Merapanam කාණ්ඩයේ ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම මිලදී ගැනීම් යාන්ත්‍රණය සිදු වන අන්දමට නිරන්තරයෙන්ම ලක්ෂ ගණන් භාවිතා වන්නේ නම් එය මෙරට ප්‍රතිජීවක ඖෂධ ජාතික ප්‍රතිපත්තිය හා ප්‍රතිජීවක ඖෂධ අවභාවිතාව සම්බන්ධව ප්‍රබල සාක්ෂියක් වන බැවින් ඒ ගැන වෙනම විද්‍යාත්මක විමර්ශනයක් සිදුකළ යුතු බවත් වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් පවසනවා.
2023 වර්ෂය ඉකුත් වීම සඳහා තවත් මාස දෙකක පමණ කාලයක් තිබියදී 2023 වර්ෂයේ සඳහා හදිසි මිලදී ගැනීම් ලෙස මේ අන්දමට merapanam ඇතුළු තවත් ඖෂධ කාණ්ඩ කිහිපයක් හදිසි මිලදී ගැනීම් සිදු කිරීම ප්‍රශ්න සහගත බවත් එසේ මිලදී ගැනීමේදී රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ අවස්ථාවේදී පැවති අගයන්ට ද වඩා වැඩි මුදලකට ඖෂධ මිලදී ගැනීම බරපතළ අපරාධයක් බවත් වෛද්‍යවරයා පැවසුවා.
රුපියල අව ප්‍රමාණය පැවැති පසුගිය වර්ෂයේ දී රුපියල් 900කට ආසන්න ප්‍රමාණයකට මිලදී ගත් එම ඖෂධය රුපියල ශක්තිමත් ව ඇති බව පවසන මෙම අවස්ථාවේදී රුපියල් 2000කට ආසන්න මුදලකට මිලදී ගැනීම ගැන මුදල් අමාත්‍යාංශය විමර්ශනයක් කළ යුතු බවයි ඔහු චෝදනා කරන්නේ.