ජාතික රෝහලේ පැය 8ක විදුලිය බිඳ වැටීමක්!

කොළඹ ජාතික රෝහලේ ගොඩනැගිලි රැසකට ඊයේ (14) විදුලි විසන්ධි වීමෙන් රෝගීන් සහ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.

එම විදුලිය බිඳ වැටීම පෙරවරු 10.00 සිට පැය 8 කට අධික කාලයක් ගෙවී ගිය පසුව පස්වරුව වන විට යථා තත්වයට පත්කර තිබුණා.

රෝහලේ දුරකතනය ජාලය සහ වායු සමීකරණ පද්ධතිය ද අක්‍රීය වීමෙන් දැඩි අපහසුතාවට පත්ව තිබුණ ද වෛද්‍යවරු විදුලි පන්දම් ආධාරයෙන් ශල්‍යකර්ම කර තිබෙනවා.

ශල්‍යාගාර A, ශල්‍යාගාර B, ශල්‍යාගාර D, වාට්ටු අංක 65 ඇතැම් දැඩි සත්කාරක වාට්ටුවල රෝගීන් බරපතල අවධානමකට ලක්ව තිබු බවත් ලේ බැංකුවේ ගබඩා කර ඇති ලේ, ඇතැම් ඖෂධ වර්ග දැඩි අවදානමකට පත්ව ඇති බවත් සඳහන් කරන අභ්‍යන්ත ආරංචි මාර්ග දැඩි සත්කාර ඒකකවල යන්ත්‍ර ඒවායේ බැටරියෙන් ක්‍රියාත්මක කිරීමට සිදුවූ බවත් පවසනවා.

කෙසේ වුව ද ජාතික රෝහලේ නඩන්තු අංශයේ පරිපාලන නිලධාරීන් නවයක් සේවය කරද්දී සිදුවූ මෙම දැවැන්ත විදුලි බිඳවැටීම පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles