අනුරාධපුර – රඹෑව ප්රධාන මාර්ගයේ රඹෑව නගරාසන්නයේදී අද අලුයම 1.30ට පමණ සිදුවූ මාරක රිය අනතුරකින් පාසල් සිසුවකු ඇතුළු තිදෙනකු මරණයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
රඹෑව නගරයේ පැවති සංගීත ප්රසංගයක් නරඹා ආපසු යමින් සිටි තරුණයන් පිරිසක් කැබ් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවද පොලිසිය සඳහන් කරනවා.
අනතුර සිදු කිරීමෙන් අනතුරුව කැබ් රථය පළා ගොස් ඇති අතර එය සොයා පොලිස් කණ්ඩායමක් කීපයක් විමර්ශන ආරම්භ කර තිබෙනවා