රට බංකොලොත්වීම සම්බන්ධයෙන් සෙවීම පිණිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්ගේ නායකත්වයෙන් පත් කළ පාර්ලිමේන්තු තේරීම් කමිටුවට විපක්ෂ විරෝධය එල්ල වුණා. එම කමිටුවෙන් විපක්ෂ සාමාජිකයන් ගණනාවක් ඉවත් වුණා.
කෙසේ වෙතත්, විපක්ෂය පාර්ශ්වයෙන් කමිටුවක් පත් කිරීම සිදුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ආර්ථික විනාශයට වගකිව යුතු සියලු පාර්ශ්වයන් සම්බන්ධයෙන් මේ කමිටුව විධිමත් විමර්ශනයක් කර පාර්ලිමේන්තුවට දන්වනු ඇතැයි ඔහු කියා සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සද්භාවයෙන් මෙයට දායක විය හැකි අතර මෙහි ක්‍රියාකාරිත්වය වෙනුවෙන් තොරතුරු සැපයීමට ඕනෑම කෙනෙකුට අවස්ථාව ඇති අතර පහසුකම් සැපයෙන බව තවදුරටත් එහි දක්වා තිබෙනවා.