නිවාඩු දෙන පාසල් ගැන නිවේදනයක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත දිස්ත්‍රික්ක කිහිපයක සහ කලාප කිහිපයක රජයේ පාසල් හෙට (04) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ආපදාවලට ලක් නොවූ සෙසු පළාත්වල හා කලාපවල හෙට දින සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමට තීරණය කළ බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් සහ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කලාපයේ පාසල්වලට නිවාඩු ලබා දී තිබෙනවා.

ඉහත සඳහන් කර නොමැති සියලු පළාත්වල සහ දිස්ත්‍රික්කවල පාසල් සාමාන්‍ය පරිදි හෙට දින පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

හෙටින් පසුව ඇති වන කාලගුණ තත්ත්වය මත පළාත් බලධාරීන් විසින් කලාප අධ්‍යක්ෂවරුන් දැනුම්වත් කර පාසල් පැවැත්වීමට අදාළ තීරණ ගන්නා බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles