කාදිනල් හිමිපාණන්ට ගෝඨාගෙන් නිවේදනයක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එල්ල කළ චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරනවා.

ඒ හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින්.

ඊට හේතුව ‌ලෙස ඔහු පවසන්නේ කාදිනල් හිමිපාණන්, පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට වසර 5ක් පිරීම නිමිත්තෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ පැවති දේව මෙහෙයක් පවත්වමින් තමාට චෝදනා කිහිපයක් එල්ල කිරීම බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිවේදනයේ පෙපෙ දෙන්නේ, තමාට හිතවත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමටත්, ඔවුන්ගේ සංවිධාන තහනම් කිරීමටත් සිදුවන නිසා ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අසීරු බව තමා නොපැවසූ බව තරයේ ප්‍රකාශ කර සිටින බවයි.

හිටපු ජනාධිපති ගෝඨාභාය රාජපක්ෂ, වැඩිදුරටත් පවසන්නේ සියල්ලන්ම දන්නා පරිදි මුස්ලිම් ප්‍රජාව තමාට ඡන්දය නොදුන් බවයි.

එනිසාවෙන්ම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මොනයම් හෝ සංවිධානයක තමාට හිතවත් පුද්ගලයින් කිසිසේත්ම සිටිය නොහැකි බවටයි.

එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පළමු වෙළුමේ පිටපතක් කාදිනල් හිමිපාණන්ට ලබා දීම ප්‍රමාද කළ බව මෙන්ම ඉතිරි වෙළුම් ලබා නොදුන් බවට එල්ල වන චෝදනාවටද හිටපු ජනාධිපතිවරයා අදාළ නිවේදනයෙන් ප්‍රතිචාර දක්වා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles