නෝට්ටු යොදා කරන සැරසිලි ගැන මහබැංකුවෙන් නිවේදනයක්

සමාජය තුළ නව රැල්ලක් වී තිබෙන මුදල් යොදාගෙන සිදුකරන විවිධ නිර්මාණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ විසිතුරු භාණ්ඩ සහ තෑගි අයිතම සකස් කිරීම සඳහා වලංගු මුදල් නෝට්ටු යොදා ගැනීම සහ එවැනි ක්‍රියාකාරකම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කිරීමේ ප්‍රවණතාව කෙරෙහි මහ බැංකුවේ අවධානය යොමුවී ඇති බව සඳහන් වෙනවා.

මහ බැංකුව දැනුම් දෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ අවසරයකින් තොරව පහත දක්වා ඇති කටයුතු සිදුකරගෙන යෑමෙහි නියැලී සිටින ඕනෑම පුද්ගලයෙකු වරදක් සිදු කරන බවයි.

පහත දක්වා ඇති ආකාරයේ වරදකට හසුවන යම් පුද්ගලයෙකු අධිකරණය ඉදිරියේ වරදකරුවෙකු වීම මත රුපියල් මිලියන 25කට නොවැඩි දඩ මුදලක් හෝ තෙවසරකට නොඅඩු සිරදඬුවමකට හෝ ඒ දෙකටම යටත් වෙන බව සඳහන් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles