නීතිවිරෝධී මාර්ග ඔස්සේ රුසියානු හෝ යුක්රේන හමුදාවට එක් නොවෙන ලෙස ත්රිවිධ හමුදා සාමාජිකයන්ට දැනුම් දී ඇතැයි ආරක්ෂ අමාත්යංශය පවසනවා.
පසුගිය දා එලෙස එක් වූ දෙදෙනෙකු ප්රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් පුවත් ඒජන්සි වාර්තා කළ පසු මහත් ආන්දෝලනයක් හටගත්තා.
මේ දක්වා එලෙස මිය ගිය අය ගැන තානාපති කාර්යාල ඔස්සේ දැනුවත් කර නැති බවයි ආරක්ෂක ආමත්යංශය පවසන්නේ.
මෙරට හමුදා සාමාජිකයන් එවැනි සේවයට යොමු කිරීමක් සම්බන්ධ කිසිදු එකඟතාවක් නැති පසුබිමක මෙසේ එක් නොවෙන ලෙසත් එය මෙරට කීර්ති නාමයට හානියක් බවත් ආරක්ෂක අමාත්යංශය සඳහන් කරනවා.