ඉන්දියාවේ පැතිර යන නිපා වෛරසය සම්බන්ධයෙන් මෙරට ජනතාව බිය වීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
මෙම වෛරසය 1999 වසරේ මුල් වරට මලයාසියාවෙන් හඳුනා ගත් අතර නැවත වෛරසය හදුනා ගැනෙන්නේ ඉන්දියාව තුළ පැතිරයාමත් සමඟයි.
කෙසේ වුව ද සෞඛ්‍ය වෘත්තීය සමිති අද (22) ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඊට සමගාමීව පෙරවරු 11.30 සිට පස්වරු 1.00 දක්වා රජයේ රෝහල් 70ක් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමටයි තීරණය කර ඇති ඇත්තේ.
වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය, සෞඛ්‍ය කාර්ය සහායකයින් ඊට එක්වන අතර සෞඛ්‍ය සේවයේ මානව සම්පත් හිඟය, ඖෂධ හිගය ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් එම විරෝධතා ක්‍රියාත්මක බවයි පැවසෙන්නේ.