පුවත් වාර්තාවක් ගැන රුසියානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

රුසියානු සංචාරකයින් ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තියේ නියැළෙන බවට  පුවත්පතක් විසින් මෑතකදී පළ කරන ලද පුවත් වාර්තාවක් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විවේචනය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් රුසියානු තානාපති කාර්යාලය කියා සිටියේ මෙම ප්‍රවෘත්ති වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ සිටින රුසියානු සංචාරකයින්ගේ හැසිරීම් පිළිබඳව අසත්‍ය චිත්‍රයක් මවා ඇති බවයි.

රුසියානු තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටින්නේ මෙම ප්‍රවෘත්ති වාර්තාව පැහැදිලිවම නිර්මාණය කර ඇත්තේ සංචාරක කර්මාන්තය තුළ රුසියාව සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවයට බාධාවක් වන පරිද්දෙන් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles