නීති කඩන රියදුරන් වීඩියෝ කර එවන්න පොලිසියෙන් ඇප් එකක්

මාර්ගයේ රියැදුරන්, පදිකයන් සිදුකරන වැරදි වීඩියෝ ගතකර මහජනතාවට පොලිස් රථවාහන මූලස්ථානයට එවිය හැකි ඇප් එකක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව පොලිස් රථවාහන මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසනවා.

මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව විසින් කොළඹ පදනම් ආයතනයේදී පවත්වනු ලැබූ මාධ්‍ය වැඩමුළුවේදී (27) නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව කියා සිටියා.

“මාර්ගයේ රියැදුරන් අතින් පදිකයින් අතින් වැරදි සිදුවෙනවා. මේවා තමන්ගේ ජංගම දුරකථනයෙන් වීඩියෝ කරලා අපිට එවන්න පුළුවන් ඇප් එකක් ඉදිරියේදී හඳුන්වා දෙනවා. ඒ වීඩියෝ එවන කෙනාගේ රහස්‍යභාවය අපි සුරකිනවා. මේ තුළින් මාර්ගයේ සිදුවන රියඅනතුරු අවම කරගන්න පුළුවන්.” යැයි හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles