සිරදඬුවම් තීන්දුවට හිරුණිකාගෙන් අභියාචනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ලබාදුන් සිරදඬුවමට එරෙහිව එළැඹෙන සතියේ අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකරන බව ඇයගේ නීතිඥයින් පවසනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණය අද (28) බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවම් නියම කළා.

2015 වසරේ දෙසැම්බර් 21වැනිදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කරමින් සිටි අමිල ප්‍රියංග නම් තරුණයෙකුව ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් සාපරාධී බිය ගැන්වීමක් කළ බවට එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්ව සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට සහ ඇගේ පෞද්ගලික ආරක්ෂකයින්ට චෝදනා එල්ල කෙරුණා.

ඒ අනුව, විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා 18කට වරදකාරිය කෙරුණු අතර එම එක් එක් චෝදනාවට රුපියල් විසිදහස බැගින් දඩ නියම කළ බවද සඳහන්.

ඒ සම්බන්ධයෙන් සිදුකෙරුණු මූලික විමර්ශනයකින් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට සහ ඇගේ පෞද්ගලික ආරක්ෂකයින් 08 දෙනෙකුට නීතිපතිවරයා චෝදනා 29ක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles