සිතාසියක් භාර දීම හෝමාගම පනාගොඩ කෙරේමුල්ල ප්‍රදේශයේ නිවසකට ගිය අතුරුගිරිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දී ඇති යුද හමුදා සාමාජිකයෙකු ඇතුලු කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසනවා.
ළමා ආරක්ෂක අධිකාරියේ නඩුවක් සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ සිතාසියක් භාර දීම සඳහා අදාල නිළධාරීයා එම නිවසට ගිය අවස්ථාවේ දී පහර දුන් දෙදෙනා මත්පැන් පානය කරමින් සිටි බව ද සඳහන් සඳහන් වෙනවා.
අදාල සිතාසිය භාරදීමට තොරතුරු විමසූ අවස්ථාවේ දී පොලිස් නිළධාරීයාට පරුෂ වචනයෙන් බැණ වැදී එම නිළධාරියාට පහරදීමක් සිදු කර ඇතැයි ද ඒ හේතුවෙන් අදාල නිළධාරියා අතුරුගිරිය ඔරුවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පවසන්නේ.