බුත්තල, පුහුල්කොටුව ප්රදේශයේ වරෙන්තුකරුවෙකු ඉකුත් 25 දා අත්අඩංගුවට ගැනීමට ගිය බුත්තල පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුට මෝල්ගස් ප්රහාරයක් එල්ලකර තිබෙනවා. එනිසාවෙන් එක් අයෙක් තුවාළ ලබා තිබෙනවා.
පෞද්ගලික යතුරුපැදියකින් අදාළ අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ එහි සිටි තරුණයන් සිව් දෙනෙක් මෙලෙස ප්රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. තුවාළ ලැබූ නිලධාරියාගේ වම් අතේ අස්ථි බිඳී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් දෙදෙනා සොයා පරීක්ෂණ ක්රියාත්මක වෙනවා.