මහනුවර විශ්‍රාමිකයන්ට ගෙවූ කෝටි ගාණක දීමනා ගැන විගණනයෙන් ආනවරණයක්

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල විස්සක විශ්‍රාමිකයන් 209 දෙනකුට මූලික වැටුප් හා ජීවන වියදම් දීමනාව වශයෙන් පන් කෝටි පනස් ලක්ෂයක මුදලක් වැඩිපුර ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය වාර්තා කරනවා.

අදාළ මුදලින් තුන් කෝටියකට ආසන්න මුදලක් පසුගිය වර්ෂය වනවිටත් අයකරගෙන නොතිබූ බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

මීට අමතරව විදෙස්ගතව සිටින විශ්‍රාමිකයන් 118 දෙනෙකුට පසුගිය 2022 සහ 2023 වර්ෂ වලදී රුපියල් 33 ලක්ෂයකට වැඩි මුදලක් ආදේශීය ලේකම් කාර්යාල 14කින් වැඩිපුර ගෙවා තිබූ බව සඳහන්.

ඒ අනුව පසුගිය වසරේ අවසානය වනවිට දිස්ත්‍රික් ලේකම් කාර්යාල එකොළහකින් විශ්‍රාමිකයන් හැත්තෑ නව දෙනෙකුගෙන් රුපියල් පහළොස් ලක්ෂයකට වැඩි මුදලක් අය කර ගත යුතුව පැවතුණු බව ජාතික විගණන කාර්යාලය වැඩිදුරටත් දක්වා තිබෙනවා.

මෙම තොරතුරු සඳහන් වන්නේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles