බරපතළ විෂමාචාර චෝදනාවලට වරදකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීන් නෙරපා හැරීමේ බලතල සහිත අධිකාරියක් හඳුන්වාදෙන්නට සැරසෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
මෙම අධිකාරියට අර්ධ අධිකරණ බලතල පැවරෙන බවත්, සභාපති ධුරයට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් පත් කරන බවත් අධිකරණ අමාත්‍යවරයා පවසා තිබෙනවා. මෙම අධිකාරිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි දැනගැනීමට ඇත්තේ.
පාර්ලිමේන්තු මන්තීවරැන් කෙරෙහි මහජන විශ්වාසය ඇති කරලීම, වගවීම සහ වෘත්තියභාවය සහතික කිරීම සඳහා චර්යා ධර්මසංග්රහයක් සම්පාදනය කළ යුතු බවට ජනාධිපති රනිල්වික්‍රමසිංහගේ අදහසක් අනුව මෙය හඳුන්වා දී තිබෙනවා.
මේ සඳහා කිසිදු දේශපාලනඥයකු පත් නොකෙරෙන බවද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
දැනට දූෂණ, වංචා සහ සොරකම් සම්බන්ධයෙන් වරදකරුවන් වන මන්තීවරුන්ට දෙන දඬුවම් පැනවීම සඳහා නීතියක්
නොමැති බවත් එවැනි අවස්ථාවක ලැබෙනුයේ සති දෙක තුනකපාර්ලිමේන්තු රැස්වීම් තහනමක් පමණක් බවයි පැවසෙන්නේ.
දැනට නීතිපති දෙපාර්තමේන්තුවේ නිතී කෙටුම්පත් අංශය විසින් නව අධිකාරය පිහිටුවීම සඳහා වන කෙටුම්පත සකස් කරමින් සිටින බවත් අධිකරණ අමාත්‍යවරයා පවසා තිබෙනවා.