මීරිගම බොකලගම ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයට ගිනි තබා ඇතැයි පල්ලේවෙල පොලීසිය පවසනවා.
පොලීසිය සිදු කළ විමර්ශන වලදී හෙළි වී ඇත්තේ කිසියම් පුද්ගලයෙකු ප්‍රචාරක කාර්යාලයේ තිබූ පුටු, මේස හා ප්‍රචාරක පුවරුවලට ඊයේ (28) සවස ගිනි තබා ඇති බවයි.
ගිනි තැබීම සිදු කළ පුද්ගලයා හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ මේ වන විට සිදු කරන බව පල්ලේවෙල පොලීසිය සඳහන් කරනවා.