අධ්‍යාපන අමාත්‍යාංශය විසින් “සතිමත් බව පිහිටු වීම” නව වැඩ සටහනක් පාසල් සිසුන් සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අධ්‍යාපන අමාත්‍යාංශය සහ “සති පාසල” නිර්මාතෘ පූජය උඩඊරිගම ධ්‍ම්මජීව ස්වාමීන් වහන්සේගේ “සති පාසල පදනම” ඒකාබද්ධවයි.
වැඩසටහන, සංකීර්ණ මෙන්ම ගතික සමාජයට ඔරොත්තු දෙමින් තම පෞරුෂය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය පන්නරය පාසල තුළින්ම පාසල් සිසුන්ට ලබා දීම අරමුණ වෙනවා.
සිසුන්ගේ වැරදි චර්යා වළක්වා ගැනීම සඳහා උපකාරී වන අධ්‍යාපන වැඩසටහනක් වශයෙන් දිවයිනේ සෑම පාසලකම මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.
ඒ අනුව පාසල් ආරම්භ වූ පසුව 2023 මාර්තු මස 24 දින දක්වා සෑම බදාදා දිනකම නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්, ඉන් අනතුරුව එකී වැඩසටහන සෑම සතියකම් සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 7.30 සිට පෙරවරු 7.40 දක්වා විනාඩි 10ක කාලයක් ක්‍රියාත්මක කිරීමටත් අධ්‍යාපන අමාත්‍ය තුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
එතකොට කාලකන්නි දේශපාලුවෝගේ වැරදි නවත්වන්නෙ කවුද