සිය සිඟිත්තිය මිය ගියේ ICU ඇඳක් ලබා ගැනීමට පැය 6ක් පමණ ප්‍රමාද වීම නිසා බව කියමින් ජැක්සන් ඇන්තනිගේ පවුලේ පිරිසගේ පින්තූරයක් පළ කරමින් මවක් ෆේස්බුක්හි සංවේදී සටහනක් තබා තිබුණා.
එයට ජැක්සන් ඇන්තනිගේ පුත් අඛිල ධනුද්ධර විසින් ප්‍රතිචාරයක් දක්වා තිබු අතර එය සමාජ ජාලාවල විවේචචනය ආරම්භ වී තිබුණා.
මේ වෙද්දී එම මව තැබූ සංවේදී සටහන ඉවත් කරගෙන තිබෙනවා. ඇය විසින් තබා ඇති සටහනේ සිංහල පරිවර්තනය ඇගේ අනන්‍යතාව රහිතව පහත පළවෙනවා.
සත්තකින් ම ඇති.
සත්තකින්ම ඔබට වුවමනා තරම් විනෝද වන්න, නමුත් අනිත් අයට ජීවත් වන්න දෙන්න.
සියලු වෛද්‍ය වරුන් ජැක්සන්ගේ මොළය මිය ගොස් ඇතැයි සහතික කර ඇතත් ඔහු දින 500 ක් ඉක්මවා තවම ICU ඒකකයේ ය.
මෙය අපේ වෛද්‍ය අංශයේ ප්‍රථම වතාවට එක් පුද්ගලයෙකු ට හිමි කර දුන් අසාධාරණ වරප්‍රසාදයකි.
ICU ඇඳන් හා අනෙකුත් සුදුසු ප්‍රතිකාර නොලැබී මිය යන රෝගීන් සඳහා වග කියන්නේ කවුද?
හුස්ම ගැන්වීමේ යන්ත්‍රය සහිත ICU ඇදක් ලැබුණා නම් මගේ දියණිය ගේ දිවි නිසැකවම සුරැකෙනු ඇත.
ඇය පැය 6 ක් පමණ ICU පෝලිමේ රැඳී සිටියා ය.
මෙය රටක් ද..?
නීතිය සර්වසාධාරණ විය යුතුයි.
ජැක්සන් ඇඳේ සිටියදී ඔහුගෙ ළමයි කසාද බැඳීම, සාද පැවැත්වීම, රූප ලාවණ්‍ය කටයුතු, උපන් දින උත්සව මෙන්ම අනෙකුත් විකාර ද පවත්වති.
ඉතින් ඇයි අපි..?
ඔබ මේ කාර්ය පවත්වන තෙක් අප අපේ ආදරණීයයන් නැති කර ගත යුතු ද..?
ඔබේ පවුලට පෞද්ගලික රෝහලක නො එසේ නම් නිවසේ හෝ ප්‍රතිකාර ලැබීමට තරම් මුදල් ඇත.
ඉතින් මේ අනිත් ජීවිත සමග කරන සෙල්ලම නවත්තන්න.
ඇන්තනි පවුල,
අනෙක් අයටත් ජීවත් වෙන්න දෙන්න.
මගේ සුරංගනාවි ඉතින් දිව්‍ය ලෝකයේ..!
ඔයාට මේ රටක් නොවේ.