No menu items!
No menu items!

හමුදා ප්‍රධානීන්ගේ කෑම වියදම් කතාව ගැන පැහැදිලි කිරීමක්

ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික නිලධාරී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙනුවෙන් දින 5කට කෑම සඳහා රුපියල් ලක්ෂ 11ක් වැය කර ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වූ බව පසුගිය දා අපත් ඇතුළුව මාධ්‍ය කිහිපයක් වාර්තා කරනු ලැබුවා.

මෙසේ වියදම් කර ඇත්තේ, මෙසේ රුපියල් ලක්ෂ 11ක් භක්ෂණය කර ඇත්තේ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයට කටයුතු පරීක්ෂා කිරීමට පැමිණි අවස්ථාවලදී බවයි සඳහන් වූයේ.

කෙසේ වෙතත් ආරක්ෂක අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එයින් උපුටාගත් කොටසක් පහතින්,

ලෝකයේ ඕනෑම පොදු රාජ්‍ය මණ්ඩලීය රටක ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයක මෙහෙයවනු ලබන මෙවැනි පාඨමාලාවන්ගේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස වාර්ෂිකව එම පාඨමාලාව හදාරන දේශීය මෙන්ම විශේෂීය රටවල ශිෂ්‍ය නිලධාරින් වෙත එරට ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානින් විසින් ජාතික ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳව දේශන පැවැත්වීම සිදුකෙරේ.

එම ක්‍රියාවලියට අනුකූලව ශ්‍රී ලංකාවේ ද මෙම උසස් නිලධාරීන්ගේ දේශන පවත්වනු ලබන අතර, රාජකාරී ස්වභාවය හේතුවෙන් සහ එකම අවස්ථාවක දේශන වාරයන් පැවැත්වීමේ ඇති ප්‍රායෝගික ගැටලු නිසාවෙන් අවස්ථා 5ක් යටතේ එම දේශන පැවැත්වීමට කටයුතු කෙරිණි.

එම අවස්ථාවන්හිදී දේශනවලින් අනතුරුව පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරීන්, උපදේශක නිලධාරීන් සහ නිත්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් ද ඇතුළුව 200ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හෝ ත්‍රිවිධ හමුදාපතිවරුන් සමග අදහස් හුවමාරු කර ගනිමින් තම දැනුම පුළුල් කර ගැනීම සඳහා අවස්ථාව සලසාලමින් ඔවුන් සමග එක්ව සාමුහික තේ පැන් සංග්‍රහයක් පැවැත්වීම පිළිගත් හමුදා සම්ප්‍රදායයි.

මේ අනුව එම සම්පූර්ණ වියදම් සිදුකර ඇත්තේ ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සංග්‍රහ කටයුතු සඳහා පමණක් නොවන බව ප්‍රකාශ කර සිටින අතර, මාධ්‍ය මඟින් වැරදි අර්ථකථනයක් ලබාදීම පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය කනගාටුව ප්‍රකාශ කර සිටී.

ඉපිටුම අවසන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles