හංවැල්ල තුම්මෝදර මංසන්ධිය ආසන්නයේදී අද (15) උදෑසන 5.55ට පමණ ඇඟලුම් බස් රථයක රියැදුරෙක් කපාකොටා ඝාතනය කර තිබෙනවා.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, ඉංගිරිය ප්රදේශයේ පදිංචිකරුවකු වන 35 හැවිරිදි දෙදරු පියෙක්.
ඔහු බුදුන් වැඳීම සඳහා මල්කඩීමට ගිය අවස්ථාවේදී මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ,ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ සැකකරු යන දෙදෙනාම එකම කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධයක් පවත්වා ඇති අතර එහිදී ඇතිවූ ගැටුමක් මත මෙම ඝාතනය සිදුව ඇති බවටයි.
කෙසේ වෙතත් ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව සැකකරු වග දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා ධාවනයවූ දුම්රියක නැගී පළායන අවස්ථාවේදී මීගොඩ පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන හංවැල්ල පොලීසියට භාර දී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු තුන්මෝදර නුගේතැන්න ප්රදේශයේ පදිංචි පෙදරේරුවෙක් බවයි පොලීසිය පවසන්නේ.