ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක්?

ව්‍යවස්ථා සභාවේ කටයුතුවලට අත්තනෝමතිකව මැදිහත්වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම පදනම් කරගෙන ජනපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට අවස්ථාව ඇති බව නිදහස් ජනතා සභාවේ විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.

ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල කොඳු නාරටිය වන්නේ ව්‍යවස්ථා සභාව බව ඔහු අවධාරණය කරනවා.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ නාවල පිහිටි නිදහස ජනතා සභාවේ ප්‍රධාන කාර්යාලයේදී අද පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවට රතු එළි දල්වා ඇති බවත් මහාචාර්යවරයා පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles