ජූලි 01 වෙනිදා සිට කල් ඉකුත් වන විදෙස් ගමන් බලපත්‍රවල කාලය වසරකින් දීර්ඝ කර තිබෙනවා.
ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පවසන්නේ ඊ පාස්පෝට් ලබාදීමේ අරමුණින් එම තීරණය ගත් බවයි.
කිසියම් විදෙස් ගමන් බලපත්‍රයක් වලංගු වසර 10ක කාල සීමාව ඉක්මවීමෙන් පසුව ඊට තවත් වසරක කාලයක් ලබාදෙන්නේ ඊ පාස්පෝට් නිකුත් කරන තුරු පමණක් බවයි ඔහු පවසන්නේ.
නොවැම්බර් මාසයේ සිට ඊ පාස්පෝට් නිකුත් කිරීම අරඹනු ලබන අතර කඩිනමින් ඊ පාස්පෝට් ලබාගන්නා ලෙස සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍ර හිමියන්ගෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.