රියැදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා ඉකුත් වසරේදී (2023) වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත් වූ පුද්ගලයන් අතරින් 55,000ක් අසමත් වී ඇති බව වාර්තා වෙනවා.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පෙරේදා (17) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න සඳහන් කරන්නේ වෛද්‍ය පරීක්ෂණය සඳහා ඉකුත් වසරේදී පුද්ගලයන් 841,000ක් ජාතික ප්‍රවාහන වෛද්‍යායතනයට යොමුවී ඇතිබවත් අක්ෂි ආබාධ, හෘදයාබාධ, රුධිර පීඩනය, දියවැඩියාව ආදී රෝගී තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයන් 55,000ක් ඉකුත් වසරේදී වෛද්‍ය පරීක්ෂණයෙන් අසමත් වී තිබෙන බවයි.
රෝග තත්ත්වයන් නිසියාකාරව පරීක්ෂා නොකර වාහන පැදවීම ඉතා අනතුරුදායක බවද ඇමැතිවරයා වැඩි දුරටත් පවසා තිබෙනවා.