ඉන්දීය නාවික හමුදාවට අයත් ‘අයිරාවත්’ නෞකාව ඊයේ කොළඹට පැමිණි බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසනවා.
නෞකාවේ අණදෙන නිලධාරී, කමාන්ඩර් රින්ඩු බාබු බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ටී.එස්.කේ. පෙරේරා මෙම සංචාරය අතරතුරදී හමුවීමට නියමිත වෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ ඉන්දීය රජයේ ‘අසල්වැසි ප්‍රථම’ ප්‍රතිපත්තියට අනුව ඉන්දීය නාවික හමුදාව, රියර් අද්මිරාල් නිර්භයි බප්නා විසින් අනෙකුත් යන්ත්‍ර සූත්‍ර ඇතුළු වටිනා යන්ත්‍රෝපකරණ පරීක්ෂණ සහ අත්හදා බැලීම් උපකරණ භාර දුන් බවයි.