ඉන්දියාවේ යුධ නැවක් ලංකාවට

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Nireekshak’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ත්‍රීකුණාමලය වරාය වෙත ළඟා වී තිබෙනවා.

මෙලෙස ත්‍රීකුණාමලය වරායට සේන්දු වූ Diving Support Vessel වර්ගයට අයත් මෙම යුද නෞකාව, දිගින් මීටර් 70.5 හා නැව් මුළුව 137 ගෙන් සමත්විත වෙනවා.

නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් ජීතු සිං චවුහාන් සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් ද අද (14) පවත්ි තිබෙනවා.

නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල නාවික හමුදා කිමිදුම් අංශය සමඟ කිමිදුම් පුහුණු වැඩසටහන් පැවැත්වීමට සහ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් වෛද්‍ය කඳවුරක් පැවැත්වීමටද නියමිතයි.

එසේම නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇති අතර මෙම නෞකාව 2023 සැප්තැම්බර් මස 21 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles