කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකු ඝාතනය කරලා

කළුතර බන්ධනාගාරය භාරයේ සිටි රැඳවියෙකු පහරදීමක් නිසා ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඔහු මෝල්කාවේ පදිංචිව සිට සොරකමක් නිසා පසුගිය 22 දා බන්ධනාගාරගත වූ පී.ජී. සුනිල් නමැති 46 හැවිරිදි පුද්ගලයෙක්.

බන්ධනාගාර ආරංචි මාර්ග වාර්තා කර ඇත්තේ මේ පුද්ගලයා මියගොස් ඇත්තේ බන්ධනාගාරයේ දෙපිරිසක් අතර සිදු වූ ගැටුමකින් බවයි.

පහරකෑමට ලක්ව තිබුණු මෙම පුද්ගලයා ඉරිදා දිනයේ නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles