පසුගිය ඉරිදා පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර පවසනවා.
දරුවන්ට කිසිදු අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවයි ඔහු සඳහන් කරන්නේ.
ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය කලින් පිටවී ඇතිබවට ගුරුවරුන් සහ දෙමව්පියන් චෝදනා නගනවා.
එම ප්‍රශ්න පත්‍ර වල අඩංගු ඇතැම් ප්‍රශ්න ඒ අයුරින්ම ශිෂ්‍යත්ව විභාගය සඳහා ලබාදුන් ප්‍රශ්න පත්‍රයේ පැවති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
බොහෝ ප්‍රශ්න පිටවී ඇති ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න වලට සමානව විභාගය සඳහා ලබාදුන් ප්‍රශ්න පත්‍රයේ පැවති බව ගුරුවරුන් සඳහන් කරනවා.
එම ප්‍රශ්න පත්‍ර පසුගිය 14 වෙනිදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.
කෙසේ වෙතත් නාරම්මල ප්‍රදේශයේ පාසලකදි මෙන්ම වරකාපොල සහ අලව්ව ප්‍රදේශයේ උපකාරක පංති සඳහා සහභාගි වූ ඇතැම් සිසුන්ට විභාගයට පෙර මෙම ප්‍රශ්න පත්‍රය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ශිෂ්‍යත්ව විභාගය සඳහා ලබාදී ඇති පළමු ප්‍රශ්න පත්‍රය මෙවර ඊට අදාළ න්‍යායන්ගෙන් බැහැරව සකස් කර ඇතිබව ගුරුවරුන් වැඩිදුරටත් පවසනවා.