බිරින්දෑවරු නිසා අවභාවිත වන රජයේ වාහන ගැන බුද්ධි අංශ වාර්තාවක් එළියට

රජය මගින් රාජ්‍ය නිළධාරීන්ට ලබා දුන් නිල රථ 2000 කට ආසන්න සංඛ්‍යාවක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගෙන තිබෙනවා.

විවිධ තරාතිරම්වල දේශපාලඥයන්ට,පොලිසියේ, ත්‍රිවිධ හමුදාවේ සහ රජයේ විවිධ ආයතනවල ප්‍රධානීන්ට නිකුත් කෙරුණු වාහන මෙසේ අවභාවිත වන බවයි බුද්ධි අංශ රජයට බාරදී ඇති වාර්තා වල සඳහන් වෙන්නේ.

මේ හේතුව නිසා විශාල මුදල් නාස්තියක් වන බවත් පෙන්වා දෙන වාර්තා සමහර ප්‍රධානීන් තමන්ගේ පෞද්ගලික වාහන තමන් සේවය කරන ආයතනයට කුලී පදනම මත ලබාදී කුලිය ලබා ගන්නා අතරේම ඒවා නිල රථ ලෙසද පාවිච්චියට යොදාගෙන සිටින බවට ද වාර්තා වෙනවා.

තව ද මෙම ප්‍රධානීන්ගේ බිරින්දෑවරුන්ගේ ගමන් බිමන්, දරුවන්ගේ පාසල් ගමන් සඳහා මෙම නිල රථ වැඩි වශයෙන් පාවිච්චි කරන බවට බුද්ධි අංශ පෙන්වා දෙනවා.

එසේම පවුල්වල සාමාජිකයන්ගේ ගමන් බිමන් සඳහා එම ආරක්ෂක අංශවල රියදුරන්ද යොදාගෙන තිබීමත් ප්‍රධානීන්ට රජයෙන් දෙන ඉන්ධන පාවිච්චි කිරීමත් හේතුවෙන් මෙම පාඩුව දෙගුණ තෙගුණ වන බව ද බුද්ධි අංශ වාර්තා සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles