ඉරාන ජනපති මරුට – රට කරන්න අන්තර්වාර ජනපතිවරයෙක්

ඉරානයේ ජනාධිපති ලෙස කටයුතු කළ ඊබ්‍රාහිම් රයිසි ඊයේ (19) එරටදීකඳුකර ප්‍රදේශයක සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් මියගොස් ඇති බව අද (20) තහවුරු වුණා.

ඒ සමඟම එරට මීළඟ ජනපති සම්බන්ධයෙන් මේ වනවිට කතාබහක් ඇති වී තිබෙනවා‍.

එරට ව්‍යවස්ථාව අනුව අන්තර්වාර ජනපතිවරයෙක් පත්කෙරෙන අතර එම තනතුරට පත්කෙරෙන්නේ එරට මේ අවස්ථාවේ “පළමු නියෝජ්‍ය ජනාධිපති” ලෙස කටයුතු කරන පුද්ගලයා ය.

එම තනතුර මේ වනවිට 68 හැවිරිදි මොහම්මඩ් මොක්බර් විසින් දරනු ලබනවා.

ඒ අනුව එරට අන්තර්වාර ජනාධිපති ලෙස මොක්බර් පත්වෙතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ඉන් පසුව ඔහුද අයත් වන ත්‍රි-පුද්ගල කවුන්සිලයක් මඟින් දින 50ක් තුළ නව ජනාධිපතිවරණයක් පැවැත්වීමට සැලසුම් කළ අතර එම කවුන්සිලයේ අනෙක් සාමාජිකයින් දෙදෙනා වන්නේ පාර්ලිමේන්තුවේ කථානායක සහ අධිකරණයේ ප්‍රධානියා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles