ජනාධිපතිවරණය අවසන් වු වහාම අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වෙනවා.
ඊට අදාළ උපදෙස් ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට ලබා දී ඇති බව සඳහන්.
එහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති සහ ඉලක්කවලට අනුකූලව අතුරු සම්මත ගිණුමක් සකස්විය යුතු බවට ජනාධිපතිවරයා විසින් මීට පෙර උපදෙස් ලබාදුන් බවයි රජයේ ආරංචි මාර්ග කියා සිටින්නේ.
ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්වුවහොත් ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය ද පැවැත්වෙන අතර එම කාලය තුළ අයවැයක් සම්මත කිරීමට ප්‍රතිපාදන නොමැති බැවින් අතුරු සම්මත ගිණුමක් සකස් කිරීම වඩාත් සුදුසු බව මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවක දී යෝජනා වූ බවද සඳහන් වෙනවා.