හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ජාවාරම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳ වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (24) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකණයට ඉදිරිපත් කරනු ලැබුවා.
එහි දී විමර්ශන නිලධාරීන් ඉල්ලා සිටියේ, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් මෙරටට ගෙන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද සියලු කැබිනට් පත්‍රිකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසයි.
ඒ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් 4 දෙනාගේ ඇප ඉල්ලීම්ද අද ප්‍රතික්ෂේප වුණා. මේ අතර, ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ ගනුදෙනුව ගැන වහාම ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට ලිපියක් ද භාර දී තිබෙනවා.