ප්‍රංශයේ සති තුනක අධ්‍යාපන චාරිකාවකට සහභාගිවන ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරිනියක් මිලදී ගත් රුපියල් 35,000 ක සපත්තු කුට්ටමකට සහ රුපියල් 28,000 ක බෑගයක් වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය මුදල් ගෙවා තිබීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
මෙම මුදල සංචාරය නිම කර නැවත පැමිණීමට පෙර අදාළ සැපයුම්කරුවන්ට ගෙවන ලෙසයි මෙම නිලධාරිනිය මුදල් කළමනාකරුට නියෝග කර ඇත්තේ. ඒ අනුව එම මුදල ගෙවා ඇති බවයි වාර්තා වන්නේ.
ආරක්ෂිත පාවහන් මිලට ගැනීමට හැරෙන්නට මෙවැනි ඒවාට මුදල් ගෙවීම අනීතික බවයි ලංවිම සේවකයෝ පවසන්නේ.
ලබන වසරේ විශ්‍රාම යාමට නියමිත මෙම නිලධාරිනිය මේ ලෙස කාබාසිනියා කරන්නේ පාඩු ලබන ආයතනයක් ලෙස ජනතා මුදල් ගිලින ආයතනයක වීම උත්ප්‍රාසය දනවන සිදුවීමක්.