තොරතුරු තාක්ෂණ බිඳ වැටීමකින් රටවල් කිහිපයකට බලපෑම්

ලොව පුරා ගුවන් සේවා සහ බැංකු ඇතුලු ප්‍රධාන පෙළේ ක්‍ෂේත්‍රවලට බලපාන ප්‍රබල තොරතුරු තාක්ෂණ බිඳ වැටීම් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම බිඳ වැටීම් නිසා ඕස්ට්‍රේලියාවේ ගුවන් සේවා සහ ගුවන් තොටුපල ආශ්‍රිතව තාක්ෂණ ගැටළු වාර්තා වී ඇති අතර, බොහෝ ගුවන් ගමන් නවතා දමා ඇති බවයි සඳහන් වෙන්නේ.

තාක්ෂණික බිඳ වැටීම්වලට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර බිඳ වැටීම් යථා තත්වයට පත් කිරීමේදී යම් අපහසුතාවක් පවතින බව මයික්‍රොසොෆ්ට් සමාගම පැහැදිලි කර තිබෙනවා.

බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව ඇතුලු රටවල් කිහිපයකින් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති අතර, ලන්ඩන් කොටස් වෙළඳපොලටද මේ හේතුවෙන් බලපෑම් එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles